පෙට්‍රල් හිඟය උග්‍ර වෙයි! තත්ත්වය සමනය වෙන්න දින කිහිපයක් ගතවන ලකුණු !

කොළඹ අවට ඊයේ (03) පස්වරුවේ සිට ඇති වූ පෙට්‍රල් හිගය මේ වනවිට තවත් උග‍්‍රවී තිබෙනවා. කොළඹ අවට මෙන්ම පිට පළාත්වල ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග අවසන්වීම හේතුවෙන් වසා දමා ඇති ආකාරය  ඊයේ රාති‍්‍රයේ කළ නිරීක්‍ෂණ චාරිකාවකදී දක්නට ලැබුණා.
ඉන්දීය තෙල් සමාගම විසින් ප‍්‍රමිතියෙන් තොර ඉන්ධන තොගයක් ශී‍්‍ර ලංකාවට රැගෙන ඒමත් සමග මෙම පෙට්‍රල් හිඟයක් ඇති වූ බවයි ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පැවසුවේ.
මතුව ඇති පෙට්‍රල් හිගය සම්බන්ධයෙන් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයෙන් විමසීමක් කළ අතර එහි නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ පැවසුවේ ඉදිරි දින කිහිපයේදී ඉන්ධන රැගත් නෞකාවක් දිවයිනට ළගාවීමට නියමිත බවයි.
අදාළ ඉන්ධන නෞකාව දිවයිනට පැමිණීමෙන් අනතුරුව පවතින පෙට්‍රල් හිගය යථා තත්ත්වයට පත් කිරීමට අවම වශයෙන් දින දෙකක්වත් ගතවනු ඇති බවයි වාර්තා වන්නේ.
පවතින පෙට්‍රල් හිගය මගහැරවීමට ප‍්‍රමිතියෙන් තොර ඉන්ධන තොගය බෙදාහැරීමේ සුදානමක් පවතින බවයි ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු ඞී ජේ රාජකරුණා  කියාසිටියේ.
ඛනිජ තෙල් වෘත්තීය සමිති සිදුකරන මෙම චෝදනාවට නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ පැවසුවේ කිසිදු හේතුවක් නිසා ප්‍රමිතියෙන් තොර තෙල් තොගය නොගන්නා බවය.
Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.