හෙට දිනයේ අනුරාධපුර සල්ගාදු ක්රීඩාංගනයේ පැවැත්වීමට නියමිත පොදුජන පෙරමුණේ මංගල රැලිය අවමංගල රැළියක් බවට පත්ව ඇති බව අපට වාර්තා වේ . කුරුනෑගල ප්රබල මහින්ද හිතවාදියෙක් වන ජොන්ස්ටන් ඇතුළු මන්ත්රීන් පිරිසකට රැස්වීමට ගෙන ඒම සදහා ජනතාව එක්රැස් කරගැනීම අපහසු වී ඇත. ඔවුන් කිසිවෙක් මෙම රැස්වීම සදහා වගකීමකින් කටයුතු නොකිරීම මේ තත්වයට හේතුවී ඇත. මේ වනවිටවත් අදළ ක්රීඩාංගනය වෙතට මහින්ද පිලේ කිසිවෙක් පැමිණ නැති බව සදහන්. විමල් වීරවංස අද සවස් යාමයේ එහි ගොස් තත්වය සොයා බැලුවද ඇතිවූ බහින් බස්වීමක් හේතුවෙන් ඔහුද එම ස්ථානය මගහැර ගොස් ඇත. බස් වලින් ජනතාව රැගෙන ඒම භාරගත් ඇතැම් මන්ත්රීන් මේ වනවිට දුරකථන පවා අක්රිය කරගෙන සිටින බව සදහන්..
ජනතා සහභාගිත්වය අවම වීම නිසාවෙන් වේදිකාව ක්රීඩාපිටියේ මැද පෙදෙසට ගෙන ඒමට අදාළ බලධාරීන් විසින් තීරණය කර ඇති අතර විමල් වීරවංස මහතා එහි මතුව ඇති තත්වය පිලිබදව කු.පා මහින්ද රාජපක්ෂව දැනුවත් කර ඇති බව සදහන්.
පොහොට්ටුව ජනගත කරන රැලිය ලෙස මුලදී හැදින්වූ අනුරාධපුර ජන එකතුව සුපුරුදු ඒකාබද්ධ විපක්ෂයේ රැළියක් බවට පත්වීම දේශපාලන වේදිකාවේ වඩාත් කතාබහට පත්වන මාතෘකාවක් බවට පත්ව ඇත.