රත්නපුර සමන් දේවාලය ප්‍රතිසංස්කරණයට මිලියන 100ක්

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මැදිහත්වීම මත රුපියල් මිලියන 100ක මුදලින් ඓතිහාසික රත්නපුර සමන් දේවාලයේ වසර ගණනාවක් අලුත්වැඩියා නොකළ වහලය ප‍්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසුගිය දා ආරම්භ කළේය.
ඒ වෙනුවෙන් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේව ආශිර්වාද පූජාවක් ද පැවැත්විණි.
මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවට පසු බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වුණු රත්නපුර මහ සමන් දේවාලයේ අත්‍යාවශ්‍ය ප‍්‍රතිසංස්කරණ කටයතු මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මැදිහත්වීම මත රුපියල් මිලියන 100ක මුදලින් ආරම්භ වන බවත් රත්නපුරයේ සියළු ජනතාව වෙනුවෙන්ම අමාතයවරයාට ස්තූතිවන්ත වන බව අමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.
මෙම අවස්ථාවට නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, රත්නපුර සමන් දේවාලයේ බස්නායක නිළමේ කමල් රත්වත්තේ මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.