ළඟ එන උත්සව සමයේ සිදුවිය හැකි අකටයුතු ගැන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධියෙන්.

පාරිභෝගිකයින්ට වෙළෙදපලේ දී සිදුවිය හැකි අසාධාරණකම් වැළැක්වීම සඳහා එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය පියවර ගෙන තිබේ.
දිවයින පුරා ආවරණය වන පරිදි ලබන වසරේ ජනවාරි 15 වන දින දක්වා මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.
මෙම වැඩපිළිවෙල යටතේ සෑම දිස්ත‍්‍රික්කයකම ඇති ප‍්‍රධාන තොග අලෙවිසැල් සහ ගබඩා පරීක්ෂා කිරීම, සිල්ලර වෙළෙදසැල් වැටලීම, ජංගම වෙළෙදුන් සහ සේල් වැනි ක‍්‍රියාකාරකම් විශේෂ අධීක්ෂණයකට ලක් කිරීම සිදුකිරීමට නියමිතයි.
ඊට අමතරව උත්සව සමය තුළ පාරිභෝගිකයින් වැඩි වශයෙන් මිලදී ගැනීම් සිදුකරන ඇඳුම් පැළදුම්ල විදුලි උපකරණ පිළිබඳව මෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ සගවා තැබීම පිළිබඳව ද මෙම වැඩසටහන යටතේ වැඩි අවධානයක් යොමුකිරීමට නියමිතයි.
ඊට අමතරව වෙළෙදපොල සිදුවන නව ප‍්‍රවණතා පිළිබදව පාරිභෝගිකයින් දැනුවත් කිරීම සඳහා අත්පත‍්‍රිකා බෙදාදීමේ වැඩසටහනක් ද ක‍්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.
මේ අතර 2017 වර්ෂය තුළ පමණක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදුකළ වැටලීම්වලින් දඩ මුදල් වශයෙන් රුපියල් මිලියන 81,868ක මුදලක් අයකරගෙන තිබේ.
මේ වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ සිදුකර ඇති වැටලීම් සංඛ්‍යාව 20,532ක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.
ඉන් වැඩිම වැටලීම් සංඛ්‍යාවක් සිදුකර ඇත්තේ භාණ්ඩ මිල ලකුණු කිරීම, ලේබල් කිරීම හා ඇසිරීම සම්බන්ධ නීති කඩකිරීම පිළිබඳව වන අතර මිල ප‍්‍රදර්ශනය නොකර භාණ්ඩ විකිණීම සම්බන්ධ වැටලීම් ද වැඩි වශයෙන් සිදුකර තිබේ.
ඕනෑම පාරිභෝගික පැමිණිල්ලක් 1977 අංකයට හෝ 0117 755481 යන දුරකථන අංකවලට දැනුම්දිය හැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *