CID අයි.පී. කෙනෙක්ගේ නංගි ළඟත් කුඩු

හෙරොයින් මිලිග්‍රෑම් 2300 ක්‌ ළඟ තබාගෙන හික්‌කඩුව, සීනිගම දුම්රිය ආරක්‍ෂක ගේට්‌ටුව අසල ජාවාරම් කරමින් සිටියදී මීටියාගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ (සීඅයිඩී) ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයකුගේ නැගණියක බව කියන කාන්තාව රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට බළපිටිය මහෙස්‌ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මෙනවිය නියෝග කළාය.
හෙරොයින් තොගයට අදාළ රස පරීක්‍ෂක වාර්තාව ලැබී නොමැති බැවින් සැකකාරිය මෙසේ තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගතකරන බවද මහෙස්‌ත්‍රාත්වරිය මෙහිදී දැනුම් දුන්නාය.
මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ සීනිගම, හික්‌කඩුව පදිංචි කාන්තාවකි.
මීටියාගොඩ පොලිසියේ උප පොලිස්‌ පරීක්‍ෂක ජනක සම්පත් මහතාට ලැබුණ තොරතුරකට අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන පරීක්‍ෂා කිරීමේදී සන්තකයේ තිබී හෙරොයින් තොගය හමු වී තිබේ.
සැකකාරිය දෙදරු මවක්‌ බවත් ඇයට අවුරුදු 7 සහ 9 වයස්‌ කාණ්‌ඩවල දරුවන් දෙදෙනකු සිටින බවත් මීටියාගොඩ පොලිසිය පැවසුවේය.
මීටියාගොඩ පොලිසියේ අපරාධ අංශයේ උප පොලිස්‌ පරීක්‍ෂක ජනක සම්පත් මහතාගේ මෙහෙයවීම මත උප පොලිස්‌ පරීක්‍ෂක සනත් මෙන්ඩිස්‌ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *