සැලසුම් සහගත ඡන්ද පෙත්සම ඉල්ලා අස්කරගනී!

දේශපාලන සැලසුමක් මත පළාත් පාලන ඡන්දය කල් දැමීම සඳහා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ඉල්ලා අස්‌කර ගැනීමට කටයුතු කොට පළාත් පාලන ආයතන සියල්ලේම මැතිවරණය එකම දිනයකදීම පැවැත්වීමට රජය තීරණය කර ඇත.
මැතිවරණය පැවැත්වීමට දැනට බාධාවක්‌ වී ඇති පළාත් පාලන ආයතන සීමා සහ සභික සංඛ්‍යාව නිර්ණය කරමින් නිකුත් කළ ගැසට්‌ නිවේදනය බලාත්මක කිරීම වළක්‌වන්නැයි ඉල්ලා පුද්ගලයන් හයදෙනකු විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම ඉල්ලා අස්‌කර ගැනීමට කටයුතු කරනු ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග පවසා සිටියි.
එක්‌සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්‌ති පෙරමුණ, ද්‍රවිඩ සන්ධානය ඇතුළු පක්‍ෂවල නායකයන් මේ වන විටත් ඒ සඳහා මැදිහත්ව ඇති අතර එහිදී හුවමාරු වූ අදහස්‌ මත හෙට (30 දා) මෙම පෙත්සම ඉල්ලා අස්‌කර ගැනීමට කටයුතු කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටියි.
ඒ අනුව හෙට (30 දා) පෙත්සම්කරුවන් විසින් පෙත්සම ඉල්ලා අස්‌කර ගැනීමෙන් පසු ඉදිරි පළාත් පාලන මැතිවරණය නව ක්‍රමයට අනුව එකම දිනකදී පැවැත්වීමට හැකිවනු ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.