FCIDය කල්මරමින් සිට දැල දමද්දී කම්බ හොරා පැනගිහින්

රාජපක්ෂ රෙජීමයේ රාජපක්ෂවරුන්ට නොදෙවැනි, ඔවුන්ගේ ඥාති සම්බන්ධයක් ඇත්තෙකු වන හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි කුප්‍රකට කළි චරිතයක් වන ගාමිණි සෙනරත් නැමැත්තා අත් අඩංගුවට ගැනීම සඳහා FCIDය කල්මරමින් සිට අත් අඩංගුවට ගැනීමට ක්‍රියාත්මක වෙද්දී උන්හිටි තැන්වලින් මෙම සොර කල්ලිය පැනගොස් ඇතැයි වාර්තාවේ.
ගාමිණි සෙනරත් ඇතුළු පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා මුල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඊයේ (31) දින ඔවුන් පදිංචි ස්ථානවලට ගොස් ඇති අතර ඒ වන විටත් ඔවුන් එම ස්ථානවලින් පළා ගොස් ඇතැයි ද ඔවුන් සිටින ස්ථානයක් පිළිබඳ පිළිගත හැකි තොරතුරක් නිවැසියන් විසින් ලබා දී නොමැති බවත් මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසයි.
මූල්‍ය අපරාධ කොට්ඨාසය මෙසේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත්තේ ගාමිණී සෙනරත්, අධ්‍යක්ෂවරයකු වූ නීල් හපවින්න මහතා සහ පියදාස කුඩා බාලගේ යන තිදෙනාය. පසුගිය කාලයේදී කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ රුපියල් කෝටි සිය ගණනක් වටිනා ග්‍රැන්ඩ් හයිට් හොටෙල් ව්‍යාපෘතිය නමින් විශාල ව්‍යාපෘතියක් ඉදිකිරීම හා සම්බන්ධයෙන් සිදු වී ඇති අති විශාල මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශයට ලැබුණු පැමිණිල්ලක් මත පරික්ෂණ සිදු කෙරැණි.
එම පරීක්ෂණ අවසානයේදි මෙම තිදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා‍ පෙරේදා 30 ඔවුන් මුල්‍ය අපරාධ කොට්ඨාශව වෙත කැඳවා තිබුණත් ඔවුන් එදින නොපැමිණි අතර ඊයේ දින නීතීඥයකු මාර්ගයෙන් පැමිණෙන බව දැනුම් දී තිබුණි. ඊයේ දිනද ඔවුන් මුල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනි නොසිටි අතර අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් මෙසේ ඔවුන් සිටි ස්ථාන වෙත ගොස් තිබුණි.
මේ තිදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමටත් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහාත් මූල්‍ය අපරාධ කොට්ඨාශය මේ සම්බන්ධව කොටුව මහේස්ත්‍රාත් වෙත කරණු වාර්තා කර අධිකරණ අවසරයද ලබා ගෙන තිබුණි. මේ වන විටත් මේ තිදෙනා අත් අඩංගුවට ගැනීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාශ නිලධාරීන් කටයුතු කරගෙන යන අතර ඔවුන්ට මෙරටින් පළා යාමට ඉඩ නොලැබෙන පරිදි අවශ්‍ය නිතිමය පියවරද ගෙන ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාශය පවසයි.
පසුගිය ජනාධිපතිවරණය සඳහා විශාල කළු සල්ලි ප්‍රමාණයක් භාරගෙන බෙදා හැරීම් සිදුකළේ මෙම කුප්‍රකට ගාමිණී සෙනරත් විසින් බවට කරුණු හෙළි වූ අතර ඔහුට අයත් ස්ථානවලින් සඟවන ලද කෝටි ප්‍රකෝටි ගණනක මුදල් විවිධ තැන්වල විවිධ පාර්ශවයන් වෙත හුවමාරු කළ බවට වාර්තා වුණු අතර ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළද මෙතෙක් ක්‍රියාත්මක වී නොමැත. මෙම කුප්‍රකට ගාමිණී සෙනරත් නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායකගේද ඥාති සම්බන්ධකම් කියන අයවලෙකු වේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.