බුදුරජාණන් වහන්සේගේ රුව සහිත පච්චයක් කොටා සිටි බවට චෝදනා කරමින් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් පොලීසිය මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
ඒ අනුව අදාළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවට රුපියල් ලක්ෂ 8ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ(15) නියෝග කළේය.
අදාළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත.
සිය බාහුවේ බුදු රුවක් සහිත පච්චයක් කොටගෙන පැමිණීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළේදී 2014 වසරේදී ඇය අත්අඩංගුවට ගනු ලැබීය. එසේ අත්අඩංගුවට ගෙන තිබුණේ බ්‍රිතාන්‍ය ජාතික නාඔමි මිචෙල් කොල්මන් නමැති කාන්තාවකි.
අනිල් ගුණරත්න, ඊවා වනසුන්දර සහ නලින් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අගතියට පත් කාන්තාව වෙනුවෙන් රජයෙන් රුපියල් ලක්ෂ 5ක් සහ අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනාට රුපියල් 50000 බැගින් වන්දි ගෙවන ලෙසද නියෝග කළ අතර නඩු ගාස්තුව ලෙස රුපියල් ලක්ෂ දෙකක් ද ගෙවන ලෙසද ශ්‍රී ලංකා රජයට නියම කෙරිණි.
මෙම විදේශික කාන්තාව හිතා මතා බුදුදහමට නිගරු කරන අදහසින් මෙසේ පච්ච කොටාගෙන ශ්‍රී ලංකාවට පැමිණ නොමැති අතර ‘නාන-සාර’ වර්ගයේ අයවලුන්ගේ උසිගැන්වීම මත ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ අරමුණින් පැමිණි මැයව යළි හරවා යවා ඇත. එමගින් ශ්‍රී ලංකාවේ අභිමානයට සහ සංචාරයක කර්මාන්තයට ජාත්‍යන්තර කළුපැල්ලක් සහ පහරක් එල්ල විණ.