හම්බන්තොට වරායේ ගිවිසුම පදනම් කර ගනිමින් දෙසැම්බර් 8 වෙනිදා ක්‍රියාත්මක දිනය ප්‍රකාශයට පත් කරන බව වරයා හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.
අද(09) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
වරාය ගිවිසුම යටතේ පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් සියයට 10 ක් ලෙස පළමුවෙන් හිමිවීමට තිබු ආයෝජනයන් සියයට 30ක් දක්වා ලබා දීමට චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩිංග් සමාගම එකඟත්වය දක්වා ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
මෙවර අයවැය තුළින් හිමිවන ප්‍රතිලාභයන් ජනතාවට ඉක්මනින් ලබා දීමේ අරමුණින් මෙම ඉල්ලීම කළ බවත් ඒ අනුව ලබන සතිය තුළ මෙම සංශෝධනයන් සහිත නව ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
කෙසේ මෙම වැඩපිළිවෙල ඉතා සාර්ථකත්වයක් ලබා ඇති බවත් ඒ අනුව වරාය ව්‍යාපෘතියෙන් මුලික අදියර ලෙස සියයට 30 ක් දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් 400 ක් පමණ වු මුදලක් ආර්ථිකයට එක් කර ගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
චයිනා මර්චන්ට් පෝට් සමාගම සමඟ ඇති කරගත් ගිවිසුම අනුව වැඩ කටයුතු ආරම්භ කිරීමට මාස හයක කාලයක් පවතින අතර එම කාල සීමාව ජනාවරි 18 වැනිදා අවසන් වන බවත් ඒ අනුව ඊට පෙර වරාය කටයුතු ආරම්භ කළ හැකි බවත් හෙතෙම කියයි.