මංගලගේ බඩු අඩුවෙන්න තව කල්යයි

ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක විශේෂ වෙ‍ෙළඳ භාණ්ඩ බද්ද අඩු කිරීමේ සහනය පාරිභෝගිකයාට ලැබීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බව වාර්තාවේ.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය 08 වනදා මධ්‍යම රාත්‍රියේ සිට බලපාන පරිදි බදු අඩු කරන බව පැවසුවද ඊට අදාළ ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් කර නොමැති අතර එය නිකුත් කිරීම ඉදිරි සතියේදී සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.
අඩු කරන ලද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල නව මිල ගණන් නියම කිරීමට අදාළ මූලික සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇති අතර පාරිභෝගික සභාව විසින් එම මිල පිළිබඳව අවසන් තීරණය ගැනීමට නියමිතයි.
අර්තාපල් කිලෝ ග්‍රෑම් 01ක් හා ලොකු ළූණු කිලෝ ග්‍රෑම් 01ක් සඳහා වන බද්ද රුපියල් 39 බැගින් අඩු කර ඇති අතර පරිප්පු කිලෝ ග්‍රෑම් 01ක බද්ද රුපියල් 12කින් අඩු කර තිබෙනවා.
හාල් මැස්සන් කිලෝ ග්‍රෑම් 01ක බද්ද රුපියල් 10කින් අඩු කළ අතර කරවල කිලෝ ග්‍රෑම් 1ක බද්ද රුපියල් 50කින් අඩු කළේය.
මේ අතර පොල් තෙල් හා එළවළු තෙල් සඳහා බද්ද රුපියල් 25කින් අඩු කර තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.