කිසිඳු ඉන්ධන හිඟයක් නෑ; බොරුවට බිය නොවන්න

ඉන්ධන හිඟය සම්බන්ධයෙන් පැතිරෙන කටකතා සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මෙය කවුරුන් විසින් හෝ කරන ලද අසත්‍ය ප්‍රචාරයක් බවත් දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අධිකව ඉන්ධන ගබඩා කර ඇති බව එතුමන් ප්‍රකාශ කළේය.
එම නිසා මහජනතාව මේ සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් අවශ්‍ය ඕනෑම මොහොතක තෙල් සැපයීමට හැකි බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
අවශ්‍ය තරම් ප්‍රමාණවත් පෙට්රල් තොග ගබඩාකර තිබෙන බවත් තවත් පෙට්රල් නැවක් හෙට අනිද්දා කොළඹට ලඟාවන බවත් ඒ නිසා පෙට්රල් හිඟයක් නොමැති බවත් ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපලි මාරසිංහ මහතා සඳහන් කරයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.