දවස් දෙකට තෙල් නැව් දෙකක් එනවා – අගමැති පාර්ලිමේන්තුවේදී කියයි

ඉන්ධන රැගත් ඉන්දීය තෙල් නැවක් හෙට (08) දිනයේ ශ්‍රීලංකාවට එන බවත්, තවත් නැවක් අනිද්දා දිනයේ පැමිණෙන බවත්, ඉදිරියේ දී ඉන්ධන ගබඩා කිරීමේ ඉන්ධන ටැංකි වැඩිදියුණු කර තෙල් ටැංකි මධ්‍යස්ථානයක් ඇති කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අද (07) පාර්ලිමේන්තුවේ දී ඒ මහතා මේ බව පැවසී ය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ, ඉන්ධන ගැටළුව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී මතු කළ ගැටළුවට පිළිතුරු ලබාදෙමිනි.
ඉන්දීය මහකොමසාරිස්වරයා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කළ බවත්, ඒ අනුව ඉන්දියානු නැව ලබන නවවැනි දින හෝ දස වැනි දින ලංකාවට පැමිණෙනු ඇති බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ය.
තවදුරටත් අඳහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,
“2003 ගිවිසුම ඇතුල් වෙන අවස්ථාවේ තෙල් සංස්ථාවට අරගන්න ශක්තියක් තිබුණේ නෑ. ඉන්දියාව එකතු වුණා. ආණ්ඩුව මාරු වුණා. ඒ ගැන වගකියන්න බෑ. ආපාසු 2015 ඉන්දියාව එක්ක අරගෙන දියුණු කරන්න. අපි එකඟත්වයක් තිබුණා.තෙල් සංස්ථාවට විශාල ණයක් තියෙනවා. තීරණය කළා, ගිවිසුමක් ගැන එකඟ වී තිබුණා. ඉන්දියාව මාර්ගයෙන් එකතුවෙලා වැඩකරමු කියලා. මේ අවස්ථාවේ අපි කතා කළා, සාකච්ඡා කරගෙන යන්නේ මේවා දියුණු කරන්න. තෙල් ටැංකි මධ්‍යස්ථානයක් බවට පත් කරන්න. තව පිරිපහදුවක් හම්බන්තොට හදන්න යනවා.චීනයෙන් ඉල්ලීමක් කර තෙල් පිරිපහදුවක් දෙන්න. මේකයි ඇත්ත තත්ත්වය. තෙල් ගන්නවද නද්ද කියලා තීරණය කරන්නේ කොමිටියකින්. මේ රටේ පෙට්‍රල් වර්ජනයක් තිබුණු නිසා එල් ඕ සී තිබුණු එක වාසියක් වුණා. නැවට වුණේ මොකක්ද කියලා හොයනවා. මේ දින කීපයට තෙල් තිබෙනවා. එල්.ඕ.සී එක නිසා කියලා එකඟ වෙන්නේ නෑ යැයි’ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.