ගීතා ගෙදර යද්දී, ගමගේ ගොඩ එයි

ගාල්ල දිස්ත්‍රික්කයේ පුරප්පාඩු වූ මන්ත්‍රීධූරය සඳහා හිටපු අමාත්‍යවරයකු වූ පියසේන ගමගේ මහතා අද (10) උදෑසන කතානායක කරූ ජයසූරිය මහතා ඉදිරියේ දී දිවුරුම් දෙන ලදී.
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගෙන් හිස් වූ පුරප්පාඩුවට පියසේන ගමගේ මහතා මෙලෙස දිවුරුම් දෙන ලදී.
දිවුරුම් දීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීම සිදු විය.
ද්විත්ව පුරවැසුභාවය හේතුවෙන් මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියට එම ධූරය දැරිය නොහැකි බව පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ අතර, එම හේතුවෙන් මන්ත්‍රීවරියට ධූරය අහිමි විය. ඒ අනුව පුරප්පාඩු වූ මන්ත්‍රීධූරයට ඊළඟට ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවේ සිටි හිටපු අමාත්‍යවරයකු වූ පියසේන ගමගේ මහතා මන්ත්‍රීධූරයේ පත්වීමට සුදුසුකම් ලැබීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.