අගමැති අද බැඳුම්කර ජනාධිපති කොමිසමට

මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්‍ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ‍අද (20) පෙනී සිටියි.
එම කොමිසම ඉදිරියේදි තමා පිළිබඳව සඳහන් වුණු කරුණු ගැන පැහැදිලි කිරීමට සුදානම් බවට අගමැති වික්‍රමසිංහ මහතා කොමිසමට දැනුම් දී තිබිණි.
ධූරය දරමින් සිටියදි අග්‍රාමාත්‍යවරයෙක් පරීක්ෂණ පවත්වන කොමිසම් සභාවක් වෙත සාක්කි දිම සඳහා ස්වේඡාවෙන් ඉදිරිපත් වුණු ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාව මෙය වේ.
කොමිසමේ සඳහන් වුණු කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරිමට තමා සුදානම් බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොමිසමට දැනුම් දීමෙන් පසුව කොමිසම අගමැතිවරයාට ප්‍රශ්නාවලියක් යොමු කරනු ලැබිණි. එයට අගමැතිවරයා කොමිසමට පිළිතුරු ඉදිරිපත් කළ අතර එහි සඳහන් යම් කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය බවට තීරණය කළ කොමිසම අද පෙනී සිටින්නැයි අගමැති වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබිණි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.