ඝාතන රැසකට වගකිව යුතු ගෝඨාභයට තවත් බුරුලක්!

රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ කුප්‍රකට මිනීමැරුම් සහ ඝාතන රාශියකට වගකිව යුතු බවට නම ගිය නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නොහොත් ගෝඨාට අද තවත් බුරුලක් ලැබී ඇතැයි වාර්තාවේ.
ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය නොහොත් රාජපක්ෂලාගේ අම්මා-අප්පා කෞතුකාගාරය ඉදි කිරීමේදී රජයේ මුදල් අවභාවිත කළ බවට සැකකෙරෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොදු දේපල පනත යටතේ නීති පියවර ගැනීම වළකාලමින් මෙලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
ලබන 6 දින දක්වා මෙය වලංගුවන අතර අදාළ සිද්ධිය පිළිබඳව කටයුතු කිරීමට පොලීසියට ඉඩ ලබා දෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වන නියෝගය අද (29) දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.
එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙස නිතිපති ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කැරිණි.
අභියාචනාධිකරණ විනිසුරු එල්.ටී.ඩී.දෙහිදෙණිය සහ විනිසුරු ටිරාන් ගුණරත්න යන මහත්වරු ඉදිරියේ පෙත්සම සළකා බැලිණි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.