සාගලගේ ඩීල් ගැන අනාවරණයත් සමඟම ගාමිණී සෙනරත්ව දින දෙකකට ඇතුලට! (Video)

රාජපක්ෂ රෙජීමයේ කළු සල්ලි සුදු කිරීමේ ජාවාරම්කරුවා ලෙස ප්‍රකට කුප්‍රකට ගාමිණී සෙනරත් නැමැත්තාව දින දෙකක් සඳහා (15 වනදා දක්වා ) රක්ෂිත බන්ධනාගාර කර ඇතැයි වාර්තාවේ.
කොල්ලුපිටිය රිජන්ට් හෝටල් සංකිර්ණයට වෙන් කර තිබු මුදලින් රුපියල් මිලියන 8.5 ක් හම්බන්තොට ඇති එම හෝටලයටම යොදවා මුදල් අවභාවිතා කළැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගාමිණී සෙනරත් මහතා ඉදිරිපත් කළ පෙත්සමත් පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර එහිදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා තිබුණේ තම සේවාදායකයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් සිදු කරන පරීක්ෂණ වලට පූර්ණ සහය ලබාදෙන බවයි.
එමෙන්ම අවශ්‍ය ප්‍රකාශ ලබාදීම සඳහා පසුගිය 09 වනදා ගාමිණී සෙනරත් මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වීමට සූදානම් බව ද ඔහුගේ නීතීඥවරු ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබුණි.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ සැකකරු පරීක්ෂණවලට අවශ්‍ය පූර්ණ සහය ලබා දෙන්නේ නම් ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගැටළුවක් මතු නොවන බවයි.
කෙසේ වෙතත් මීට පෙර මෙම කුප්‍රකට ගාමිණී සෙනරත්ගේ රියදුරා විසින් මෙම කුප්‍රකට පුද්ගලයා මැතිවරණය තදාසන්නයේදී සිදුකළ කළු සල්ලි ඡාවාරම් සම්බන්ධයෙන් සිදුකළ අනාවරණයන් සහ ගාමිණී සෙනරත් සල්ලි මළු ප්‍රවාහනය කොට සැඟවූ ස්ථාන පිළිබඳව කළ කී දෑ පිළිබඳව මෙතෙක් කිසිඳු විමර්ශනයක් සිදුකොට නොමැත.
මේ සාගලගේ ඩීල් සහ කුප්‍රකට ගාමිණී සෙනරත් සමඟ වන ඡාවාරම් පිළිබඳ අනාවරණයකි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.