මැතිවරණ නීති උල්ලංඝණය කරමින් පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු වැලිකඩ, බුත්ගමුව ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
පෝස්ටර් තොගයක් සහ පෝස්ටර් ඇලවීම සඳහා යොදාගත් උපකරණ ද එහිදී පොලිස් බාරයට ගෙන ඇති බව සඳහන්ය.
මේ අතර පසුගිය 09 වැනිදා සිට අද පෙරවරු 6.00 දක්වා කාලය තුළ මැතිවරණ නීතී උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.
පෝස්ටර් බැනර් සහ ධජ ප්රදර්ශනය කරමින් වාහනය ධාවනය කිරීම, ශබ්ද විකාශන යන්ත්ර සවිකර වාහන ධාවනය කිරීම සහ ඡන්ද පෝස්ටර් ඇලවීම, ළඟ තබාගැනීම යන චෝදනා යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.