පුංචි ඡන්දෙට ඇප තැන්පත් කිරීම අදින් අවසන්

පෙබරවාරි දහ වනදා පැවැත්වෙන පළාත් පාලන ඡන්ද වීමසීමට අදාළ පළාත් පාලන ආයතන 248ක් සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද දහවල් 12.00න් අවසන් වේ.
නාමයෝජනා භාරගැනීම හෙට දහවල් 12.00න් අවසන්වීමට නියමිතය.
අනතුරුව පැය එකහමාරක කාලයක් විරෝධතා දැක්වීම සඳහා අවස්ථාව ලබාදෙන අතර පස්වරු 1.30ට තේරීම්භාර නිළධාරීන් විසින් නාමයෝජනා පිළිබඳ තීරණය ලබාදෙන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේය.
මේ අතර තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ද සිකුරාදා දිනයෙන් අවසන් වෙයි

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.