බුද්ධ ශාසනය විනාශ කිරීමේ කුමන්ත්‍රණයට ඉඩ දෙන්න එපා – මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමි

උතුරු නැගෙනහිර පළාත්වල පිහිටි බුද්ධ ප්‍රතිමා හා බෞද්ධ විහාරස්‌ථාන විනාශ කරමින් සිංහල ජාතියද, බුද්ධ ශාසනයද විනාශ කිරීමේ ඉතාම භයානක කුමන්ත්‍රණකාරී සිදුවීමක්‌ මේවන විටත් ක්‍රියාත්මක වන බවත්, මේ භයානක ක්‍රියාව වහාම මැඬපැවැත්වීමට වගකිවයුත්තන් කටයුතු කළයුතු බවත් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ පැවැසූහ.
නාහිමියන් එසේ පැවසුයේ අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ උපාධ්‍යාය කෝට්‌ටේ ප්‍රදේශයේ ශාසනාරක්‍ෂක මණ්‌ඩලයේ සභාපති ආචාර්ය දිමියාවේ අමරවංශ නාහිමියන්ට අනුනායක පදවිය සඳහා අක්‌තපත්‍ර ප්‍රදානය කොළඹ බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඉකුත් 22 වැනිදා පැවැති අවස්‌ථාවේ විශේෂ දේශනයක්‌ පවත්වමිනි.
බෙල්ලන්විල විමලරතන නාහිමියන් තවදුරටත් අදහස්‌ දක්‌වමින් මෙසේද පැවැසූහ. දැනට සිංහල ජාතිය විනාශ කිරීමේ ඉතාමත් දරුණු කුමන්ත්‍රණකාරී සිද්ධීන් ඒ පළාත් වල සිද්ධ වෙනවා. බුද්ධ ශාසනය ආරක්‍ෂා කිරීම භික්‍ෂූන් වහන්සේට පමණක්‌ සීමාවෙලා නැහැ. බෞද්ධ පිරිස්‌ ඒ සඳහා සෑම අවස්‌ථාවකම නොබියව ඉදිරිපත් වෙන්න ඕනෑ. දැනට බුද්ධ ශාසනයට ඇතුල්කරගන්න පැවිදිවීමට බෞද්ධ පවුලකින් දරුවෙක්‌ පූජා කරන්නේ නැහැ. හේතුව බෞද්ධ පවුල්වල දරුවන් බෝවීම අඩුයි. දරුවන්ගේ බෝවීම අඩුකරන්න යම් යම් උපක්‍රම වලින් ජාතිය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්‌ පවතිනවා.
භික්‍ෂූන් වහන්සේට රටට ආගමික වශයෙන්, සාමාජික වශයෙන් හා අප රට ආරක්‍ෂා කිරීමේ විශාල වගකීමක්‌ පැවරීමේ වගකීම පැවරිල තියෙනවා. එදා රජකාලේ පටන් රට ආරක්‍ෂා කලේ මහා සංඝ රත්නයයි. ඒ නිසා බෞද්ධාගම ශාසනය, රට ආරක්‍ෂා කිරීමේ පෙරමුණේ සිටින්නේ මහා සංඝරත්නයයි.
කථානායක කරු ජයසූරිය මහතා අදහස්‌ දක්‌වමින්,
බෙල්ලන්විල නාහිමියන් දැක්‌වූ අදහස්‌ අනුව එවැනි විපත් සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගැනීමට දැනටමත් සැලසුම්කර ඇති බවද භික්‍ෂූන් වහන්සේගේ අදහස්‌ වලට සෑම අවස්‌ථාවකදීම කන්දෙන බවද පැවැසීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.