වැඩි මිලට පොල් විකිණූ 250ක්‌ අත්අඩංගුවට

රුපියල් 75 ක්‌ වන උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් පොල් අලෙවි කළ වෙළෙඳුන් 250 දෙනකු පසුගිය සතියේදී අල්ලා ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
පාරිභෝගික පනත උල්ලංඝනය කර ඇති මෙම වෙළෙඳුන්ට එරෙහිව ඉදිරියේ අදාළ අධිකරණවලදී නඩු පැවරීමට කටයුතු යොදා ඇතැයි ද එම අධිකාරිය කියයි.
රුපියල් 75 ක උපරිම සිල්ලර මිලක්‌ නියම කර ඇති පොල් ගෙඩියක්‌ රුපියල් 80, 95, 100, 120 යනාදී වශයෙන් වෙළෙඳ සල් හා සති පොළවලදී විකිණීමේදී මේ වෙළෙඳුන් අල්ලා ගැනීමට හැකිවී තිබේ.
කොළඹ දිස්‌ත්‍රික්‌ වැටලීම් ඒකකය පසුගිය දින කීපය තුළ කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන් වැඩි මිලට පොල් අලෙවි කළ වෙළෙඳුන් 60 දෙනකු අල්ලාගෙන තිබේ.
කිරුලපන, අතුරුගිරිය, කොට්‌ටාව, මට්‌ටක්‌කුලිය, තොටළඟ, වැල්ලවත්ත, බම්බලපිටිය යන ප්‍රදේශවලින් මෙම වෙළෙඳුන් අල්ලා ගැනීමට හැකිවී තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතාගේ උපදෙස්‌ මත වැටලීම් සිදුකර තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.