මහින්ද හින්දා ආධාරකරුවෝ අසරණ වෙති!

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිසියම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට සෘජුව හෝ වක‍්‍රව සහයෝගය පල කරමින් කටයුතු කලහොත් ඔවුනගේ පක්‍ෂ සාමාජිකත්වය හා මන්ත‍්‍රීධුරය අහෝසි කිරීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක තීරණය ඇත. මේ හේතුවෙන් ප.ප.ජ.කු.පා.ම මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ ආධාරකරුවන් දැඩි අපහසුතාවයකට සහ අවදානමකට ලක්ව ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.
මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය දා පැවති රැස්වීමේදී බවත් සඳහන්.
එසේම එම මන්ත‍්‍රී ධුර අහෝසි කිරීමෙන් පසු පත් කිරීමට නියමිත පිරිස සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් දෙන ලෙස ශ්‍රිලනීප මධ්‍යම කාරක සභාව විසින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීරට පවසා ඇති අතර වත්මන් ශ්‍රීලනිප නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිතවත් පිරිස් වලට ඒ අනුව පාර්ලිමේන්තු පැමිණීමේ අවස්ථා උදාවීමේ හැකියාව පවතී.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.