විශ්‍රාමික දුම්රිය ස්ථානාධිපතිවරුන් 20 ක් කොන්ත්‍රාත් පදනමින් නැවත සේවයේ

විශ්‍රාමික දුම්රිය ස්ථානාධිපතිවරු 20 දෙනකු ඊයේ දිනයේ සේවයට වාර්තා කළ බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පවසයි.
මෙයින් 10 දෙනකුට පත්වීම් ලිපි දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (12) දිනයේ නිකුත්කොට ඇත. දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශ්‍රාමික දුම්රිය ස්ථානාධිපතිවරු, නියාමකවරු, තාක්ෂණික ශිල්පීන්, රියැදුරන් සේවයට බඳවාගැනීම ආරම්භ කළද එම බඳවාගැනීම් අදින් (13) අවසන් වෙයි. දැනට බඳවාගත් දුම්රිය ස්ථානාධිපතිවරු නියාමක රාජකාරියද කිරීමට කැමැත්ත පළකොට ඇත.
මේ වනවිට විශ්‍රාමිකයන් 25 දෙනකු පමණ සේවයට පැමිණ ඇති අතර එසේ පැමිණි අය කොන්ත්‍රාත් පදනම මත සේවයට බඳවා ගන්නා බවද විජය සමරසිංහ මහතා පවසයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.