කවලම් තෙල් හේතුවෙන් ඩීසල් ඉල්ලුම කිලෝ ලීටර් 38,588 කින් අඩු වෙයි

බස්‌රථවලට සහ ලොරි රථවලට ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ගැනීම නිසා ඩීසල් ඉල්ලුම කිලෝ ලීටර් 38,588 කින් අඩුවී භූමිතෙල් ඉල්ලුම කිලෝ ලීටර් 15,000 කින් ඉහළ ගොස්‌ ඇතැයි ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඊයේ (05 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.
බස්‌රථවලට සහ ලොරි රථවලට ඩීසල් වෙනුවට භූමිතෙල් ලබාදීම නතර නොකළහොත් අදාළ පිරවුම්හල්වල හිමිකරුවන්ට එරෙහිව ජනවාරි මාසය වන විට පියවර ගෙන එකී පිරවුම්හල් වසා දමන බවද ඇමැතිවරයා කීවේය.
ඉන්ධන සංස්‌ථාව පාඩු විඳිමින් භූමිතෙල් සහනය ලබා දෙන්නේ දුගී ජනතාව උදෙසා බවද, කූට වෙළෙඳුන් ඉන් ප්‍රයෝජන ලබා ගන්නා බවද ඇමැතිවරයා කීවේය.
බස්‌රථවලට සහ ලොරි රථවලට භූමිතෙල් ලබාදීම අත්හිටුවන ලෙසට පිරවුම්හල්වලට නියෝග කරන බවද කී අමැතිවරයා ඉන්ධන මිශ්‍රකර අලෙවි කරන එක්‌ පිරවුම්හලක්‌ පසුගියදා වසා දැමූ බවද කීවේය. ඉන්ධන පිරවුම්හල් මෙන්ම බවුසර්වලද තෙල් මිශ්‍ර කිරීමේ කූට ව්‍යාපාරය සිදු කරන බවද ඒ නිසා සංස්‌ථාව යටතේ වෙනම සංචිතයක්‌ සාදා ඉන්ධනහල් පරීක්‍ෂා කිරීමේ ක්‍රමවේදයක්‌ සකසන බවද ඇමැතිවරයා පැවසුවේය.
ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ විවාදයට එක්‌වෙමින් ඇමැති අර්ජුන රණතුංග මහතා මේ බව කීවේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.