ආණ්ඩුවේ ගිණුමට ඩොලර් වැටෙයි

හම්බන්තොට වරාය බදු දීමේ ගිවිසුමට අදාළව අමෙරිකානු ඩොලර් මිලියන 292.1ක මුදල ශ්‍රී ලංකා රජයට ලැබුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව සමස්ත බදු ආදායමෙන් සියයට 30 ක් සඳහා වන අදාළ මුදල රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වාගෙන යන අමෙරිකානු එක්සත් ජනපද ඩොලර් ගිණුම වෙත බැර වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.
හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම වෙනුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සීමාසහිත චයිනා මර්චන්ට් පොර්ට් හෝල්ඩින් සමාගම අතර ඒකාබද්ධ ගිවිසුම් පසුගිය දෙසැම්බර් මස 09 වනදා අත්සන් තැබුණි.
එම ගිවිසුමේ සම්පූර්ණ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 1.2 ක් වෙයි. 2010 වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 1.5 ක වියදමින් හම්බන්තොට වරාය ඉදි කර අතර එය මෙහෙයුම් කටයුතු සිදු නොවීම හේතුවෙන් ගැටළු රැසක් මතුව තිබුණි.
ඒ අනුව 99 අවුරුදු බදු පදනම මත පසුගියදා හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු සීමාසහිත චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින් සමාගම වෙත භාර දෙනු ලැබීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.