විමල්ගේ පක්ෂයේ මළගම අදයි; මහින්ද හින්දවන ගමන හෙටයි

ව්‍යාජ හැඳුනුම්පත්, මුදල් හා රාජ්‍ය දේපල අවභාවිතාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක කුප්‍රකට විමල් වීරවංශ නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණට අයත් ප්‍රබලයින් තිදෙනෙක් අද එම පක්ෂයෙන් ඉවත්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පලකරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය හිමි කර ගත්තේය.
මෙලෙස ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායකව සිටි පියසිරි විජේනායක මහතාද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්ව ඇත. එසේම ජාතික නිදහස් පෙරමුණේ උතුරු මැද පළාත් සභා මන්ත්‍රී පී.බී. කුමාර මහතාද අද ඔවුන් සමඟින් ශ්‍රීලනිපයට එක්විය.
වීරකුමාර දිසානායක මහතාට නියෝජ්‍ය හෝ රාජ්‍ය ඇමති ධුරයක් නුදුරු දිනයකදී නියමිතය. බැසිල්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක ඒකාබද්ධය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පක්ෂයේ බළල් අතක් බවත්, එවැනි ඇමරිකානු ජාතික කොන්ත්‍රාත්කරුවකු යටතේ සිට වැඩ කිරීමට අපට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවත් ඔවුන් පවසා ඇත.
මේ අතර මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශ්‍රියාණි විජේවික්‍රම මහත්මිය ඊයේ(10) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීම සඳහා එක් වුවාය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.