දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් ඇති අතර උතුරු නැගෙනහිර පළාත්වල සහ එම මුහුදු කලාපයේ තද වැසි සහ දැඩි සුළං තත්ත්වයක් ඇති විය හැකි බැවින් ධීවර හා නාවික කටයුතු අවදානම් බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
දිවයිනට කිලෝ මීටර් දෙසීයක් ඔබ්බෙන් ඊසාන නැගෙනහිර සහ ගිනිකොණ දෙසින් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 100 ක් පමණ වනු ඇති බවත් එම දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චතුරිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය “දිවයින” ට කීවාය.
එසේම උතුර, උතුරු මැද නැගෙනහිර, ඌව පළාත්වල විටින් විට තද වැසි ඇති විය හැකි බවත් ඇය කියා සිටියාය.
මේ වනවිට ලැබී ඇති දත්ත අනුව අඩු පීඩන කලාපය ශ්‍රී ලංකාව හරහා ගමන් කරන්නේ නැති බවත් එය ඉන්දියාව දෙසට ගමන් කරනු ඇති බවත් චතුරිකා ප්‍රේමරත්න මහත්මිය කියා සිටියාය.