මධූෂාගෙන් ලිංගික අල්ලස් ඉල්ලු අපතයින් ගැන පරීක්ෂණ යට ගැසීමට සැරසෙයි

රාජපක්ෂ රෙජීමයේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් අටවාගත් පොහොට්ටු පක්ෂයෙන් නාම යෝජනා ඉල්ලූ විට නාම යෝජනා ලබා දීම සඳහා කලා ශිල්පිණියක් සහ ලක්මවට හඬක් සංවිධානයේ සභාපතිනි මධුෂා රාමසිංහ මෙනවියගෙන් ලිංගික අල්ලස් ඉල්ලන ලද්දේ කවුරුන් දැයි මේ වන විට අනාවරණය වී තිබේ. ඇය මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියට සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිඛිතව පැමිණිලිද කර ඇත.
ප්‍රථමයෙන්ම මධුෂා රාමසිංහගෙන් ලිංගික අල්ලස් ඉල්ලා ඇත්තේ නාම යෝජනා කමිටුවේ සිටි රේණුක පෙරේරා නමැති හිටපු පළාත් සභා මන්ත්‍රී වරයාය. රේණුක පෙරේරා මහින්ද රාජපක්ෂගේ දැඩි හිතවතෙකු වන බැවින් නාම යෝජනා කමිටුවට නම් කර තිබිණ.
රේණුක පෙරේරාගේ අවලම් ක්‍රියාව සම්බන්ධයෙන් මධුෂා රාමසිංහ මහින්ද රාජපක්ෂට පැමිණිලි කිරීමට ගිය විට ඇයව හමුවී ඇත්තේ මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් උදිත ලොකු බණ්ඩාර ය. මධුෂාගේ චෝදනාව අසා සිටි උදිත ලොකු බණ්ඩාර ද නාමයෝජනා ලබා දීම සඳහා ඇයගෙන් ලිංගික අල්ලස් ඉල්ලා ඇත. වඳින්නට ගිය දේවාලය ඉහේ කඩා වැටීමෙන් කුපිත වූ මධුෂා මේ පිලිබඳව මැතිවරණ කොමසාරිස් වරයාට ලිඛිතව පැමිණිලි කර තිබේ.
ගැහැණියක් සම්බන්ධතා පවත්වන්නේ කා සමග ද යන්න තීරණය කිරීම ඇයගේ අයිතියක් මිස ඊට කවරාකාරයේ හෝ බලපෑමක් කිරීම, හිරිහැරයක් කිරීම ලංකාවේ නීතිය අනුව බරපතල වරදකි. ලිංගික අල්ලස් ඉල්ලීම වැන්නක් නොව අඩුම ගණනේ එක් කම්මුලක් පුම්බා පිරිමින් කාන්තාවන්ට කරන අවලම් සහගත ඉඟිය පවා කිරීම නීතියෙන් දඬුවම් ලැබිය යුතු වරදකි. එවැනි වරදකදී අතවරයට ලක්වන කාන්තාව පැමිණිලි නොකළද ඒ ගැන දුටු, දන්නා වෙනත් අයෙක් පැමිණිලි කිරීම පවා වරදකරුවන් අත් අඩංගුවට ගැනීමට සෑහෙන බව ලංකාවේ නීතියේ දැක්වේ.
කෙසේ වෙතත් මෙම සිද්ධිය යට ගැසීමට මහින්ද රාජපක්ෂට පක්කිලි කම් කරමින් අල්ලස් කඩාගන්නා හාල් කෑල්ලක් වන උදිත ලොකුබණ්ඩාර නැමැත්තා ශ්‍රීලනිපයේ ප්‍රබලයින්ට එවැනිම අල්ලස් ලබාදෙමින් සිටින බවට වාර්තාවේ. නමුත් අප දැඩි අවධානයෙන් යුතුව රේණුක පෙරේරා සහ උදිත ලොකු බණ්ඩාර දෙදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන ආකාරය දෙස දැඩි අවධානයෙන් යුතුව බලා සිටිමු. යම් හෙයකින් කිසියම් පාර්ශවයක් විසින් මෙය යට ගැසීමට කටයුතු කරන්නේ නම් එය අප කොන්දේසි විරහිතව අනාවරණය කරන බවද දැඩිව අවධාරණය කර සිටිමු.

ආශ්‍රිත පුවත්: මහින්ද රාජපක්ෂගේ සහචරයින් මධූෂාව සමූහ දූෂණයට සැරසිලා! (Exclusive)

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.