ලංකාවේ වැඩියෙන්ම බැණුම් අහන ආයතන දෙක

මාධ්‍ය මගේ හාට්‌ එක වගෙයි. මෙවර හදිසි ආපදා අවස්‌ථාවේදී මාධ්‍යවේදීන් අනර්ඝ සේවයක්‌ කළා. මට වචන නැහැ කියන්න මෙවර ආපදා තත්ත්වය ඇති වීමට පෙර පූර්ව දැනුම් දීම් මාධ්‍ය මගින් හරියටම කළ අතර විශේෂයෙන් ධීවර ජනතාව දැනුවත් කිරීම මත ජීවිත හානි අවම කර ගැනීමට හැකි වූයේ යෑයි ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
ආපදා කළමනාකරණ යාන්ත්‍රණය කාර්යක්‍ෂම කිරීම සහ ජනතාවට තොරතුරු ලබාදීමේ යාන්ත්‍රණය ශක්‌තිමත් කිරීම සඳහා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීම සඳහා කඹුරුගමුව ‘රන්දිව’ හෝටලයේ පැවති සම්මන්ත්‍රණයක්‌ අමතා ඒ මහතා එසේ පැවසීය.
හදිසි අනතුරු වලින් වසරකට ජීවිත පණහක්‌ පමණ නැති වෙනවා. ලංකාව කියන්නෙ ආපදා බහුල රටක්‌. ආපදා කළමනාකරණය පිළිබඳව ජාතික හදිසි මෙහෙයුම් සැලැස්‌ම ඉදිරිපත් කර තිබෙනවා.
සුනාමි ආපදාවේදී රජය දැන් වූ වෙරළේ සිට මීටර් 100 දැන් නැහැ. නීති පද්ධති හැදුවට වැඩක්‌ නැහැ. ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්. මිනිස්‌සු ගංගා අයිනේ පදිංචි වෙනවා මේ සැරේ ගංවතුර එන විට පූර්ව දැනුම් දීම හරියටම සිදු වුණා.
කාලගුණ විද්‍යාඥ පී. එච්. චමින්ද මහතා – ලංකාවේ වැඩියෙන්ම බැණුම් අහන ආයතන වශයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලිසියයි. මිනිසුන්ට කිසිම හිරිකිතයක්‌ නැතිව පහර ගහන්න පුළුවන් දෙපාර්තමේන්තුව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවයි. ස්‌වාභාවික විපත්වලින් සියයට 90 ක්‌ ම කාලගුණය නිසා වෙන ඒවායි ආපදා නවත්වන්න බැහැ. අවම කරන්න පුළුවන්. ලංකාවේ ස්‌වාභාවික විපත් සියල්ලම කාලගුණය හා සම්බන්ධයි.
භූවිද්‍යා පරීක්‍ෂණ ආයතනයේ මාතර භූ විද්‍යාඥ සී. එස්‌. මැණික්‌පුර මහතා – ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ජා.ගො.ප.ස. 211/1 අංක දරන 2011.2.15 දින පළාත් පාලන ආයතනවලට නිකුත් කර ඇති චක්‍ර ලේඛයක්‌ තිබෙනවා. ඉන් කිසියම් අවදානමක්‌ සහිත ප්‍රදේශවල ඉදිකිරීම් සහ සංවර්ධන කටයුතුවලදී ජ.ගො.ප.ස. නිර්දේශය ලබාගත යුතු බවට දන්වා තිබුණත් මාතර දිස්‌ත්‍රික්‌කය තුළ එය ක්‍රියාත්මක වීම දුර්වල බව ද පළාත් පාලන කාර්යාල හරහා ක්‍රියාත්මක වීමේදී රාජ්‍ය ආයතන පවා මෙම චක්‍රලේඛය පිළිබඳ අවධානය බොහෝ දුරට යොමු කරන්නේ නැහැ. චක්‍රලේඛය මිනිසුන් අතරට ගිහින් නැහැ.
මාතර සහකාර දිසා ලේකම් නදී ජයසිංහ, මාතර ආපදා කළමනාකරණ ජාතික සහන සේවා මධ්‍යස්‌ථානයේ නිලධාරි අනුජන්ත විදානපති, ආපදා කළමනාකාර මධ්‍යස්‌ථානයේ සුගත් දිසානායක යන මහත්ම මහත්මීන් ද කතා කළහ.
-දිවයින-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.