වෙනම රටක්‌ එපා ෆෙඩරල් ඇති- විග්නේෂ්වරන් කියයි

ෆෙඩරල් පාලනයක්‌ ලබා දෙන්නේ නම් අපි වෙනම රටක්‌ ඉල්ලන්නේ නැතැයි උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් මෙරට ඔස්‌ටේ්‍රලියානු මහ කොමසාරිස්‌ ප්‍රයිස්‌ හචින්සන් සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත.
උතුරේ සංචාරයක යෙදුණු ඔස්‌ටේ්‍රලියානු මහ කොමසාරිස්‌ යාපනයේ පිහිටි උතුරු මහ ඇමැති කාර්යාලයේදී මේ සාකච්ඡාව පවත්වා තිබේ.
අපි ඉල්ලන්නේ ෆෙඩරල් පාලනයක්‌. අපේ ජනතාවට නිදහසේ ජීවත්වීමට ඉඩ ලැබෙන්නේ එවිටයි. නමුත් රජය ඊට සූදානමක්‌ නැහැ. ද්‍රවිඩ ජනතාව මේ ෆෙඩරල් පාලනය අවශ්‍ය බව කියා සිටිනවා යෑයි විග්නේශ්වරන් කියා සිටියේය.
පළාත් පාලන ඒකකය, පළාත් සභා ඒකකය සහ පෙඩරල් ඒකකය යන ඒකක අප ඉල්ලා සිටිනවා යෑයි උතුරු මහ ඇමැතිවරයා තවදුරටත් ප්‍රකාශ කර ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.