පළාත් පාලන ආයතන 93 ක් සඳහා නාම යෝජනා පත්‍ර භාර ගැනීම අද (14 දා) මධ්‍යහ්න 12.00 ට අවසන් වෙයි.
නාම යෝජනා භාර ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව විරෝධතා ඉදිරිපත් කිරීමට අදාළ තේරීම් භාර නිලධාරි කාර්යාලවලදී පැයක කාලයක් ලබාදෙන අතර පසුව පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නාම යෝජනා පත්‍ර ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මෙම ආයතනවලට තරග කරන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඇප මුදල් තැන්පතු භාර ගැනීම ඊයේ (13 දා) මධ්‍යහ්න 12.00 ට අවසන් විය. ඒ අනුව දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් වෙනුවෙන් ඇප තැන්පතු 557 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසයි.
නාම යෝජනා පත්‍ර භාර ගැනීමේ අවසන් දිනය වන අද සියලු තේරීම්භාර නිලධාරි කාර්යාල අවට ආරක්ෂාව තර කිරීමට පොලිසිය පියවර ගෙන ඇති බව මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් පැවසීය. එමෙන්ම කිසිදු ආකාරයක රථ පෙළපාලි පාගමන් පෙළපාලි හා රැස්වීම් පැවැත්වීම අද දිනයේ තහනම් කර තිබේ.
එමෙන්ම නාම යෝජනා භාරදෙන කාර්යාලයට ඇතුළු විය හැකි දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නියෝජිත ප්‍රමාණය සීමා කර තිබේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් පළාත් පාලන ආයතන රැසක් සඳහා ඊයේ දිනයේද නාම යෝජනා පත්‍ර භාරදී ඇත.