ශ්‍රී ලංකාවට හිමිව තිබෙන අන්තර්ජාතික සහයෝගීතාව සහ මිත්‍රත්වය රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට උපරිමයෙන් යොදා ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී පැවැසීය. එදා රටේ සංවර්ධනයටත්, රටේ හෙට දවසටත් දැවැන්ත අභියෝගයක්ව පැවති රටට නොලැබුණු අන්තර්ජාතික සහයෝගීතාවය උපරිමයෙන් දිනා ගැනීමට ඉකුත් වසර තුන තුළ තමාට හැකිවූ බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා මාතෘ භූමිය පිළිබඳ අද ජාත්‍යන්තරයේ පවත්වනා පිළිගැනීම තමා සිදුකළ සංචාර රැසකදී මනාව සනාථ වූ බව ද කියා සිටියේය.
වත්මන් රජයට නින්දා අපහාස කොතෙක් එල්ල කළ ද අද රටේ සංවර්ධනය තුළ විශාල වෙනසක් සහ පරිවර්තනයක් සිදුව තිබෙන බව ප්‍රකාශ කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කෘෂිකර්ම, අධ්‍යාපන, සෞඛ්‍ය, පානීය ජලය ඇතුළු සියලු ක්ෂේත්‍ර පුළුල් සංවර්ධනයකට ලක්ව තිබෙන බව සඳහන් කළේය.
සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න, නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, පොළොන්නරුව මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර යන මහත්වරු ද ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියැන්ලිං මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.