දුම්රිය රියදුරු වැඩ වර්ජනය පිටුපස දේශපාලන කොන්ත්‍රාත්තුවක් (විශේෂ)

පදනමක් නොමැති කරුණු කිහිපයක් මුල්කරගනිමින් දුම් රිය රියදුරන් සහ දුම් රිය වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩ වර්ජනය පිටුපස ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කොන්ත්‍රාත්තුවක් ක්‍රියාත්මක වන බවට අනාවරණය වී තිබේ.
රජය අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් මෙය ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙය වීමෙන් මෙය දිග්ගසමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව අප වෙත වැඩිදුරටත් වාර්තාවේ. පසුගියදා පෙරවරු 10.30 සිට සවස 3.30 දක්වා පුරා පැය 05 ක කාලයක් සිදුකරන ලද සාකච්ඡාවලින් අනතුරුව වර්ජනය අත් හරින බවට දුම් රිය රියදුරන්ගේ සංගමය එකඟ වූ අතර එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන උවමනාවක් මත මෙය තවදුරටත් ඉදිරියට ගෙන යෑමට ඔවුන්ට සිදුව ඇති බවට වාර්තාවේ.
මැතිවරණයක් ප්‍රකාශයට පත්කොට ඇති අවස්ථාවකදී ජනතාව පීඩනයට සහ අපහසුතාවයට ලක්කොට ආණ්ඩු විරෝධී මානසිකත්වයක් ගොඩනඟා ගැනීම මෙහි අරමුණ බවට පත්ව ඇත.
මෙම තත්වය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු රජය වෙත වාර්තාවී ඇති අතර එම නිසා දේශපාලන අරමුණකින් ක්‍රියාත්මක සාධාරණ පදනමකින් තොර මෙම වැඩ වර්ජනයට එරෙහිව රජය දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සුදානමින් සිටින බවටද වාර්තාවේ.
ඒ අනුව ඉදිරියට ගෙවී යන කාල සීමාව තුල සේවයට වාර්තා නොකර සේවකයින් කොටසක් සේවයෙන් නෙරපා හැරීමටද රජය පසුබට නොවනු ඇති බවට රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *