දුම්රිය වර්ජකයන්ට දුන් කාලය අද දවල් 12න් ඉවරයි. නාවොත් රැකියාවෙන් දොට්‌ට

අද (11 වැනිදා) දහවල් 12.00 ට පෙර සේවයට වාර්තා නොකළහොත් වර්ජනයේ නිරත සියලුම දුම්රිය සේවකයන් සේවය අතහැර ගියා සේ සැලකීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඉල්ලීම් කිහිපයක්‌ මුල්කරගෙන ඉකුත් 07 වැනිදා සිට ලොකොමොටිව් දුම්රිය රියෑදුරු වෘත්තීය සමිතිය ආරම්භ කළ වැඩවර්ජනයට සහාය දක්‌වමින් දුම්රිය නියාමකවරු, දුම්රිය පාලකවරු සහ දුම්රිය ස්‌ථානාධිපතිවරු ද වර්ජනයට එක්‌ව සිටිති.
අදාළ ඉල්ලීම සම්බන්ධව දුම්රිය වෘත්තීය සමිති 12 ක්‌ සමඟ ජනාධිපති ලේකම් ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා ඉකුත් 08 වැනිදා සාකච්ඡා පැවැත්වුවද එය ද අසාර්ථක විය.
එම සාකච්ඡා අසාර්ථකවීමෙන් පසු දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක්‌ බවට පත්කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 08 වැනිදා මධ්‍යම රාත්‍රියේ අතිවිශේෂ ගැසට්‌ නියෝගයක්‌ නිකුත් කළේය.
ඒ අනුව අද දහවල් 12 දක්‌වා සේවයට වාර්තා කිරීම සඳහා වැඩවර්ජිත දුම්රිය සේවකයන්ට කාලය ලබා දී ඇත.
දුම්රිය රියෑදුරන්, නියාමකවරුන්, පාලකයන් සහ ස්‌ථානාධිපතිවරුන් ඇතුළු 2600 ක්‌ පමණ වර්ජනයේ නිරතව සිටිති.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.