රුසියාව තේ තහනම ඉවත් කරගත් බව ඇමති නවීන් කියයි

රුසියාව මෙරට තේ මිලදී ගැනීම සඳහා පනවා තිබූ තහනම මෙම 30 දින සිට ඉවත් කිරීමට දෙරටේ නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවේදී එකඟ වූ බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා ඒ පිළිබඳව අදහස් දක්වමින් දිනමිණ හා ප්‍රකාශ කළේ රුසියාවේ මොස්කව් නුවරදී ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත පිරිස සමඟ පැවැති සාකච්ඡාවේදී මේ 30 දින දින සිට තේ තහනම ඉවත් කරන බවට එරට බලධාරීන් ප්‍රකාශ කර ඇති බවයි. තේ තහනම ඉවත් කර ගැනීමට සාකච්ඡා කිරීමට රුසියාව බලා පසුගියදා මෙරට තාක්ෂණික කමිටුවක් පිටත් විය.
එම කමිටුව රුසියානු බලධාරීන් සමඟ සාකච්ඡාවක නිරත විය. මෙරට තේ මිලදී ගන්නා ප්‍රධාන ගැනුම්කරුවෙකු වන රුසියාව තේ තහනම පැනවීමත් සමඟ විවිධ මත ප්‍රකාශ විය. මෙරට පැනවූ ඇස්බැස්ටෝස් තහනම පිළිබඳවද මෙහිදී ඇතැමෙකුගේ සාකච්ඡාවට බදුන් විය.
ජනාධිපතිතුමාද මෙම තේ තහනම ඉවත් කරන ලෙස රුසියා ජනාධිපති ව්ලැඩිමියර් පූටින් මහතාගෙන් ඉල්ලීමක් කර තිබිණි. මේ වන විට රුසියාව වෙත යැවීමට සූදානම් කර තිබෙන තේ තොග තිස් වන දායින් පසු රුසියාවට යැවීම පිළිබඳව අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.