දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් කර තිබියදී සේවයට වාර්තා නොකරන දුම්රිය සේවකයින් සේවය අතහැර ගියා සේ කටයුතු කිරීමට තීරණය කල බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ. ප්‍රවාහන අමාත්‍යාංශයේ මේ වන විට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රවාහන අමාත්‍යවරයා මෙසේ පවසා ඇත.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකා අත්සන් තබන ලද ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලය විසින් මීට ටික වේලාවකට පෙර ප්‍රකාශයට පත් කර තිබේ.
කෙසේ වෙතත් දුම්රිය සේවාව අත්‍යාවශය සේවාවක් බවට පත් කළ ද දුම්රිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට දුම්රිය වෘත්තීය සමිති තිරණය කර තිබේ. අත්‍යාවශය සේවාවක් බවට පත් කිරීමෙන් පසුව ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දුම්රිය වෘත්තීය සමිති අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වේ.
මරදාන දුම්රිය පරිශ්‍රයේ පැවැත්වෙන මෙම සාකච්ඡාව සදහා දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන්, ස්ථානාධිපතිවරුන් ඇතුළු දුම්රිය වෘත්තිය සමිති රැසක නියෝජිතයන් එක්ව ඇති වාර්තා වේ.
කෙසේවෙතත් දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයින් සදහන් කළේ අත්‍යාවශය සේවාවක් බවට ප්‍රකාශයට පත් කළ ද දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛන්ඩව සිදුකිරීමට සේවකයින් තිරණය කර ඇති බවයි. ඊට අදාළ නීති උපදෙස් ලබාගැනීම සඳහා කටයුතු කරන බව ද දුම්රිය වෘත්තීය සමිති සඳහන් කළේය.