දුම්රිය පාලක ස්ථානාධිපතිවරු, නියාමකවරු දුම්රිය රියදුරන් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනයට අද (07) මධ්‍යම රාත්‍රී 12 සිට එකතු වන බව දුම්රිය ස්ථානාධිපති සංගමයද තීරණය කර තිබේ.
මෙම ශ්‍රේණින් සඳහා අගමැතිවරයාගේ සහ ප්‍රවාහන ඇමැතිවරයාගේ අත්සනින් යුතුව වැටුප් වැඩිකිරීමේ කැබිනට් පත්‍රිකාව අනුමත නොකර තවදුරටත් කල්දැමීම මෙම වර්ජනයට හේතුව බව ඔවූහු කියා සිටිති.
මේ අතර ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක බව ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමය පවසයි.
අමාත්‍යංශය සමඟ පැවැත් වු සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් වර්ජනය තවදුරටත් පවත්වාගෙන යන බව ලොකොමොටිව් ඔපරේටිව් ඉංජිනියර්ස් සංගමය පවසයි.
මේ අතර අමාත්‍යංශයද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයේ මෙසේ දැක්වේ.
දුම්රිය සහයකයින් බඳවා ගැනීම පිළිබදව, දුම්රිය රියදුරන්ගේ සංගමය විසින් ඊයේ (06) මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කර ඇති වැඩවර්ජනය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (07) දහවල් ඩී.ආර් විජේවර්ධන මාවතේ පිහිටි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය ශ්‍රවනාගාරයේදී පැවැත්විය.
ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යංශ ලේකම් ජී.එස්.විතානගේ දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.මහානාම අබේවික්‍රම යන මහත්වරුන් සහ ලෝකොමොටිව් ඉංජිනියරින් වෘත්තීය සමිතිය සමඟ දීර්ඝ වශයෙන් ඔවුන්ගේ මෙම ගැටළුව නිරාකරනය කරගැනීම පිළිබඳව සාකච්ඡා කරන ලදී.
ඒ අනුව අමාත්‍යංශ ලේකම් ජී.එස්.විතානගේ මහතා විසින් ප්‍රකාශ කරන ලද්දේ මෙම උද්ගතව ඇති ගැටළුව වන බඳවාගැනීම සඳහා වූ තරඟ විභාගය පැවැත්වීම සම්බන්ධව රියදුරු සහායකයින්ගේ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකර නීතිපති මගින් තීන්දුවක් ලබාදී ඇති බවත්ය.
ඒ අනුව උසාවිය මඟින් ලබාදුන් තීන්දුවක් කිසිසේත්ම රාජ්‍ය සේවකයකුට වෙනස් කිරීමට නොහැකි බවත් ඒ අනුව තමන් මෙම ගැටළුව විසදා ගැනීම සඳහා අමාත්‍යංශ ලේකම් වරයා වශයෙන් කැපවීමෙන් මැදිහත් වී කටයුතු කරන බවත් ඒ පිළිබඳව ප්‍රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ උපදෙස් තමාට ලැබී ඇති බවත් මෙහිදී දන්වා සිටී.
මේ අතර ලේකම්වරයා විසින් වෘත්තීය සමිති වලින් ඉල්ලීමක් කරමින් කියා සිටියේ ඉදිරියේදී පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුන්ට හා පොදු මහජනතාවට සිදුවන අපහසුතාවයන් සලකා බලා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හරින ලෙසත් සාකච්ඡා තුලින් මෙම ගැටළුව නිරාකරණය කරගැනීමට මැදිහත්වන ලෙසත්ය.
ඒ කෙසේවුවද පාසල් සිසුන්ට පොදු මහජනතාවට සිදුවන ගමනා ගමන අපහසුතාවය මගහැරවීම සඳහා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවත් අතිරික්ත බස් ගමන්වාර යෙදවීමටත් කටයුතු සූදානම් කර ඇති බව පැවසීය.