කිලිනොච්චියේ වළ දමා තිබූ ප්‍රභාකරන්ගේ අතීතයක් යළි මතුවෙයි

කිලිනොච්චිය රාමනාදපුරම් හි පැරණි එල්.ටි.ටි.ඊ කඳවුරක වළදමා තිබූ එල්.ටි.ටි.ඊ නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ජීවිත කතාව සහ වීරත්වය පිළිබිඹු වන සීඩි පට තොගයක් කිලිනොච්චිය රාමනාදපුරම් පොලිස් මුරපොළේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගත් බව කිලිනොච්චි පොලිසිය පවසයි.
පැරණි එල්.ටි.ටි.ඊ කඳවුරෙහි ඉඩම් ජනතාවට ලබාදීමෙන් අනතුරුව නිවසක් ඉදිකිරීම සඳහා ඉඩමේ හිමිකරු අත්තිවාරම කපමින් සිටියදි ආරක්ෂිත බහාලූමක දමා වළදමා තිබූ සීඩි පට හමුවීමෙන් අනතුරුව පොලිසිය වෙත කළ දැනුම්දීමකට අනුව සීඩි පට සොයාගෙන තිබේ.
ආරක්ෂිත බහාලූමෙහි තිබී වීසීඩී පට 91 ක්, සීඩි පට ආරක්ෂිත ආවරණ 61ක් සොයාගත් බවත් පැරණි ජංගම දුරකථන කාඩ්පත් තොගයක්ද සොයාගත් බවත් පොලිසිය පවසයි. ඇතැම් සී.ඩි පට වැඩිහිටියන්ට පමණක් වූ සිනමා පට බවට හඳුනාගෙන ඇතැයිද පොලිසිය කීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.