මැකෝ තදින් සිටී -මැතිවරණ සමයේ බඩු බෙදුවොත් බලාගෙනයි

පළාත් පාලන මැතිවරණ සමයේ ඡන්ද ඉලක්ක කර ගනිමින් හා පක්ෂ ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව කිසිදු වැඩ සටහනක් ක්‍රියාත්මක නොකළ යුතු බවත් එමෙන්ම වැනි වැඩසටහන් සඳහා මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් කිසිම ආඅකාරයකින් සම්බන්ධ කර නොගන්නා ලෙසත් මැතිවරන කොමිසම අදාළ බලධාරීන්ට ලිඛිතව දන්වා ඇත.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ උපදෙස් මත සියලු දිස්ත්‍රික් ලේකම් වරුන් පළාත් පාලන ලේකම් වරුන් , අමාත්‍යංශ ලේකම් වරුන් සහ ප්‍රාදේශීය ලේකම් වරුන් මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුවත් කොට ඇත.
එමෙන්ම මෙම නියෝගයන්ට පටහැනිව යම්කිසි පක්ෂයක් හෝ පුද්ගලයෙකු ක්‍රියා කරන්නේ නම් මැතිවරන පනතට අනුව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද එම නිවේදනය මඟින් වැඩිදුරටත් කියා සිටි

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.