ගම වෙනුවෙන් මගේ සහයත් ශ්‍රීලනිපයට.. එජාප අපේක්ෂිකා රත්නමාලි සෝලංග හමුවී කියයි…

කොලොන්නාව එජාප සංවිධායක මරික්කාර්ගේ අදුරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන්  මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අපේක්ෂකයන් රැසක්ම මේ වනවිට කොලොන්නාව ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි හමුවී සහය පළකිරීම මේ වනවිට සමාජයේ කතාබහට ලක්ව ඇත.. එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු අපේක්ෂිකා රත්නමාලි නුපෙආරච්චි සොයුරියද පසුගිය දිනෙක එජනිස ජන රැළියක් අතරතුර ප්‍රසන්න සෝලංගආරච්චි හමුවී තම සහය ලබාදී ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කර ඇත.

එජනිස ජන හමුවක් අවසාන සෝලංග හමුවී ඇය පවසා ඇත්තේ

ගම වෙනුවෙන් ලෙස්ලි අයියා කරපු දේ හරි.(ලෙස්ලි යනු අසීරු කාලසමයක පක්ෂය රැකගනිමින් එජාපයේ සිටි හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයා වන අතර මරික්කාර්ගේ අදුරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන් ඔහු පසුගිය දිනෙක ශ්‍රීලනිපයට එක්විය). මාත් හදවතින් ඉන්නේ ලෙස්ලි අයියා එක්ක.. ලෙස්ලි කියන්නේ අවුරුදු ගණනාවක් අපේ පැත්තේ අලියා රජකරවපු මනුස්සයා.. ඒ මනුස්සයා ආවට ගියාට පක්ෂය දාලා යන්නේ නෑ කියලා අපි දන්නවා.. අපි එජාපයේ උනාට මේ පාර ඡන්දෙදි සහය දෙන්නේ ලෙස්ලි අයියා සහය දෙන බුලත් කොලේට.. මුලදී මරික්කාර් හොදට හිටියට දැන් එයා කරන දේවල් වලින් කොලොන්නාව විනාශ වෙනවා..

එම අවස්ථාවේ ඡයාරු කිහිපයක් අපට ලැබී ඇත…

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *