තැපැල් දෙපාර්තමේන්තුවේ මතුව ඇති ගැටලු සඳහා ස්ථිර විසදුම් ලබාදීමට රජය පියවර නොගතහොත් ලබන 10 වන දින සිට අඛන්ඩ වැඩවර්ජනයක නිරත වීමට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ තීරණය කර තිබේ.
එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කලේ සිය ගැටලු විසදීම සඳහා රජයට අවස්ථා ගණනාවකදී දැනුම් දී ඇති බවයි.
මෙතෙක් ඊට නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ලබන 10 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.