පළාත් පාලන ආයතන 06ක් සඳහා තමන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ පෙත්සම් අද අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කරගෙන තිබේ.
මහරගම නගර සභාව, පානදුර, අගලවත්ත, මහියංගණය, තිරප්පනේ සහ වැලිගම යන ප්‍රාදේශීය සභා සඳහා තමන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම පෙරමුණ අභියාචනාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව අදාළ පෙත්සම් අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු සූරසේන මහතා සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
එහිදී රජයේ පාර්ශවය අධිකරණයට දන්වා සිටියේ මෙම පළාත් පාලන ආයතනවල නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව පෙත්සම්කරුවන් විසින් ඉදිරිපත් කළ පෙත්සම් දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.
මේ හේතුවෙන් එම පෙත්සම් පවත්වාගෙනයාමට හැකියාවක් නොමැති බව ද රජයේ පාර්ශවයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ පෙත්සම්කාර පාර්ශවය විසින් අදාළ පෙත්සම් අභියාචනාධිකරණයෙන් ඉල්ලා අස්කරගෙන තිබේ.