මගේ කාලයේ බැඳුම්කර ගනුදෙනු සෙව්වාට කමක්‌ නෑ – හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ

තම පාලන සමයේ මහ බැංකුවේ සිදුවූ බැඳුම්කර වෙන්දේසි සම්බන්ධව සොයා බැලුවාට කිසිම වරදක්‌ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා “දිවයින” ට ඊයේ (4 දා) පැවසීය.

2008 වසරේ සිට 2015 දක්‌වා තම පාලන සමයේ බැඳුම්කර වෙන්දේසි පිළිබඳව සොයා බැලීමට පියවර ගැනීම සම්බන්ධයෙන් තමාගේ කිසිදු අකැමැත්තක්‌ නැතැයි පැවසූ හිටපු ජනාධිපතිවරයා එදා සිදු කළ එම ගනුදෙනු පිළිබඳව තමාට දැඩි විශ්වාසයක්‌ තිබෙන බවත්, එම ගනුදෙනු ගැන සොයා බලනවාට තමාද දැඩි කැමැත්තක්‌ දක්‌වන බවත් සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම බැඳුම්කර වංචාව නිසා රටට ආයෝජකයන් පැමිණීමේ ගැටලුවක්‌ මතුවිය හැකි බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

-දිවයින-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.