විගණකාධිපති වාර්තාවෙන් හෙළි වී ඇති කරුණු පිළිබඳව සොයාබලා කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.
විගණකාධිපති වාර්තාවෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ඇතැම් අංශයන්හි ක්රීයාකාරීත්වය පිලිබඳ කරුණු අනාවරණය කරගෙන ඇති බව වාර්තා වේ.
එම කරුණු වලට අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දී ඇති බව එම අමාත්‍යංශය පවසයි.
2015 වසරට පෙර සහ ඉන් පසුව සිදුවූ ක්‍රියාකාරකම් කිහිපයක් පිලිබඳව විගණකාධිපති වාර්තා කිහිපයක් මගින් කරුණු අනවරණය වී ඇති බව සඳහන්ය.
ජාතික පාසල් වල අතිරික්ත ගුරුවරු සහ ඔවුන්ට කාලච්ඡේද පැවරීම, පිරිවෙන් අංශය යටතේ ගුරුවරුන්ගේ ධාරිතා සංවර්ධනය සඳහා වෙන් කළ මුදලින් නිසි ප්‍රයෝජන නොගෙනීම, 2001 වසරේදී පිහිටුවන ලද සිසු අරුණ ශිෂ්‍යාධාර ක්‍රමය මේ දක්වා ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් විඝනකාධිපති වාර්තාවේ අවධානය යොමු වී තිබේ.
එමෙන්ම පාසල් නිළ ඇදුම් බෙදා හැරීම සම්බන්ධයෙන් ද විගණකාධිපති වාර්තාව මගින් අවධානය යොමු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.