මැතිවරණ ප්‍රචාරය ඉලක්‌ක කරගෙන සෘජුව හෝ වක්‍රව සිදු කරන භාණ්‌ඩ බෙදාදීම් වැළැක්‌වීමට මැතිවරණ කොමිසම පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇත.
භාණ්‌ඩ බෙදාදීම් පිළිබඳ පැමිණිලි ලැබුණු වහාම මැතිවරණ නිලධාරීන් යොදවා ඒවා වැළැක්‌වීමට පියවර ගැනීමටත් එසේ නොවන අවස්‌ථාවන්හිදී අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් නියමිතය.
සෘජුව භාණ්‌ඩ බෙදීමට බාධා ඇති නිසා මේ වනවිට තෙවන පාර්ශ්වයන් සම්බන්ධ කරගෙන මැතිවරණ ප්‍රචාරක ප්‍රවර්ධනය සඳහා භාණ්‌ඩ බෙදාදීමට යම් යම් අපේක්‌ෂකයන් ක්‍රියා කරමින් සිටින බවට කොමිසමට පැමිණිලි ලැබී තිබේ. මෙම ක්‍රියාමාර්ග නැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ද කොමිසම නිලධාරීන්ට උපදෙස් දී තිබේ.