හිටපු මහ බැංකු අධිපති සිංගප්පුරු ජාතික අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු කොල්ලයට ආධාර අනුබල දුන් බවට තහවුරු වෙයි

ඓතිහාසික මහ බැංකු බැඳුම්කර මං කොල්ලය සඳහා එවක හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ආධාර අනුබල දී ඇති බවට ‘ජනාධිපති බැඳුම්කර කොමිසම’ මඟින් තහවුරු කරගෙන ඇත.

ඒ බව අද (03) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති බැඳුම්කර කොමිසම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අනාවරණය කර සිටියේය.

සිංගප්පුරු ජාතිකයෙකු වූ කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම සහ සහතික කිරීම මත පත්කළ බවත් ඔහු සුපැහැදිලිව මෙම බැඳුම්කර මංකොල්ලය සිදුකිරීම සඳහා ඔහුගේ බෑනා වූ කුප්‍රකට ව්‍යාපාරික අර්ජුන් ඇලෝසියස්ට අවශ්‍ය ඉඩ ප්‍රස්තාව සකසා දී ඇතිබවත් බැඳුම්කර විමර්ශන තුළින් තහවුරු කරගෙන ඇත.

එපමණක් නොව මෙම බැඳුම්කර කොල්ලය සිදුකිරීම සඳහා අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු නිලධාරීන්ව අක්‍රීයශිලී කොට ඇති අතර එතුළින් සාවාද්‍ය ස්ථාවරයන් පොළඹවා ඇති බවත් සඳහන්. එසේම ඔහු විසින් මහ බැංකුවේ අභ්‍යන්තර තොරතුරු පිටතට ලබා දී ඇති බවද අනාවරණය වී ඇත.

මේ අනුව රටේ රාජ්‍ය අංශයේ ආයතන වලට රුපියල් මිලියන 8529 ක අලාභයක් සිදුකරමින් මහ බැංකු බැඳුම්කර කොල්ලය හරහා කුප්‍රකට බෑනාගේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් මිලියන 11,145 ක මහජන මුදල් මහ දවල් කොල්ල කා ඇති බව ජනාධිපති බැඳුම්කර කොමිසමේ වාර්තාව මඟින් දැඩිව තහවුරු කොට ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.