බැඳුම්කර සහ බරපතළ වංචා වාර්තා කථානායක කාර්යාලයට

බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවෙහි පිටපත් 26 (ඉංග්‍රීසි) ක් සහ සංක්ෂිප්ත වාර්තාවක් ද, බරපතළ වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශන වාර්තාවෙහි පිටපත් 34 (සිංහල) ක් ද පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත බාර දී තිබේ.

අද (17) පෙ.ව.11.18ට ජනාධිපති කාර්යාලයේ නීති නිලධාරී නීතිඥ මුදිත දිසානායක මහතා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත එය බාර දී ඇති බව කථානායක කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.