
පෙබරවාරි මස 10 වන දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය පිළිබදව අද වනවිට බොහෝ දෙනෙකු උනන්දුවක් දක්වන බව පෙනේ. සැරසිලි, පෝස්ටර්, පෙළපාලි වැනි දේශපාලන සංදර්ශන පිළිබදව සැලකීමේදී මෙවර පළාත් පාලන මැතිවරණය තුළ එතරම් සද්ද බද්දයක් නැතත් මේ රටේ සෑම දේශපාලන පක්ෂයක් මෙන්ම සිවිල් සමාජය ද මැතිවරණය දෙස බලා සිටින්නේ මහත් උනන්දුවකිනි. එයින් එක් පිරිසක් බලය පිළිබදව වඩා උනන්දුවක් දැක්විය හැකි වුවත් සමස්තයක් වශයෙන් රටේ බහුතරයක් අපේක්ෂා කරන්නේ නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරගනිමින් පොදු ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට හැකි පළාත් පාලන නියෝජනත්වයක් බිහිකරගැනීමට ය.
එය අතිශයින්ම සාධාරණ හා යුක්ති සහගත අපේක්ෂාවකි. එමෙන්ම කිසිසේත්ම සුඑකොට තැකිය යුතු නැති වගකීමකි. ඒ අන්කිසිවක් නිසා නොවේ. මෙම මැතිවරණය හරහා තෝරාගන්නා නියෝජිතයන් වෙත අතිවිශාල වගකීම් සම්භාරයක් පැවරෙනවාට අමතරව ඇතැම්විට ඒ අතරින් සැලකිය යුතු සංඛ්‍යාවක් මේ රටේ අනාගත දේශපාලනය කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇතිකළ හැකි අය වන නිසාය. මේ රටේ හිටපු රාජ්‍ය නායකයින් හතර දෙනෙක්ම සිය දේශපාලන ජීවිතය ආරම්භ කර ඇත්තේ පළාත් පාලන ආයතන නියෝජනය කළ අය ලෙසින් බව පැහැදිළි වීම තුළ ඒ බව තේරුම්ගත හැකිය. එස්.ඩබ්.ආර්.ඞී බණ්ඩාරනායක, ආචාර්ය විජයානන්ද දහනායක, ජේ.ආර්.ජයවර්ධන හා රණසිංහ පේ‍්‍රමදාස යන දැවැන්ත දේශපාලන චරිත ඒ ස`දහා දැක්විය හැකි උදාහරණයන් ය.
ඒ අනුව සැලකීමේදී මෙම පළාත් පාලන මැතිවරණය පිළිබදව මෙන්ම මැතිවරණයට තරග වදින අපේක්ෂකයින් ගැන ද කිසිසේත්ම සුඑකොට තැකිය නොහැකිය. එහෙත් ඇතැම් දේශපාලනඥයින් මෙන්ම දේශපාලන පක්ෂ ද මෙවර පළාත්පාලන මැතිවරණය උපයෝගී කරගෙන ඇත්තේ කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හෝ බලය ලබාගැනීම සදහා යන ගමනට යොදාගත හැකි අවස්ථාවක් ලෙසට ය. මේ රටේ බොහෝ දෙනෙක් පිරිසිදු, ප‍්‍රතිපත්තිගරුක, දූෂණයෙන් තොර මහජන නියෝජිතයින්ගේ ඇති අවශ්‍යතාවය මතු කරමින් සිටියදී අතීත අදුරු සෙවණැලි මෙන්ම එකී අදුරු සෙවණැලි නිර්මාණය කර ඇති චරිත තම දේශපාලන වේදිකා වලදී ඇතැමුන් මහත් අභිරුචියෙන් යුතුව වැළද ගනිමින් සිටින්නේ ඒ නිසාය.
ඒ බව සිහිපත් කරන අපූරු චරිත දෙකක් පසුගිය දා මහින්ද රාජපක්ෂ මහතා විසින් වැළැදගත් ආකාරය ජනමාධ්‍ය හරහා දැකගත හැකිවිය. එනම් පේ‍්‍රමලාල් ජයසේකර හා මහීපාල හේරත් යන දෙපළම මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වමින් වේදිකාවට ගොඩවීම තුළ ය. අප ඉතා හොදින්ම දන්නා පරිදි මහින්ද රාජපක්ෂ මහතා හෝ මහීපාල හේරත් මහතා හෝ පේ‍්‍රමලාල් ජයසේකර මහතා හෝ මෙවර පළාත්පාලන මැතිවරණයට තරග කරන්නේ නැත. එහෙත් මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන එක කණ්ඩායමක ජයග‍්‍රහණය වෙනුවෙන් ඔවුන් පෙනී සිටින බව ඉතා පැහැදිළිවම ප‍්‍රදර්ශනය කර තිබේ.
එහිදී පේ‍්‍රමලාල් ජයසේකර චරිතය නියෝජනය කරන්නේ රත්නපුර දිස්ත‍්‍රික්කයයි. මහීපාල හේරත් මහතා නියෝජනය කරන්නේ කෑගල්ල දිස්ත‍්‍රික්කයයි. ඒ දිස්ත‍්‍රික් දෙකම අයත්වන්නේ සබරගමු පළාතටය. ඒ අනුව සබරගමුව හා මෙකී චරිත දෙක පිළිබදව අපට ඇති අතීත, මතකයන් නැවත සිහියට නගාගැනීම සබරගමුවට මෙන්ම රටට ද වැදගත්විය හැකිය. එහිදී සබරගමුවේ පමණක් නොව, මේ රටේ බොහෝදෙනෙක් පේ‍්‍රමලාල් ජයසේකර මන්ත‍්‍රීවරයා හදුනන්නේ ඔහුගේ නියම නමින් නොව චොකා මල්ලි ලෙසට ය. ඔහු ද ඒ චොකා මල්ලි යන නාමයට අතිශයින්ම කැමැත්තක් දක්වන බව පෙනෙන්නේ තමන් හදුන්වාදීම සදහා පසුගිය මැතිවරණ වලදී ප‍්‍රදර්ශනය කරන ලද පෝස්ටර්වල චොකා මල්ලි යන නාමය ද ඉස්මතු කර තිබීම නිසාය. ඔහු අදටත් සිටින්නේ ඇප පිටය. ඒ මිනීමැරුම් චෝදනාවකට අදාළව මහාධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවක විත්තිකරුවෙකු ලෙසට ය. අද ඔහුට එරෙහිව නඩුවක් පැවරී ඇතත් ඔහු බලයේ සිටියදී එම බලය යොදාගෙන ඇත්තේ එවැනි චෝදනාවක් පවා මතු නොවන ආකාරයට ය. පසුගිය 11 වන දින අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී කහවත්ත පොලිස් ස්ථානයේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ ලබාදුන් සාක්ෂිය ඊට මනා නිදසුනකි. බලයේ සිටියදී බලය ඒ ආකාරයට යොදාගෙන ඇති එවන් දේශපාලන චරිත වලට අද ද අවශ්‍ය වී ඇත්තේ එවැනිම වූ පාලනයක් නැවත ගොඩනගන්නට ය. ඊට ආධාර කරගත හැකි චරිත ගණනාවක් මෙවර පළාත් පාලන මැතිවරණය හරහා හෝ බිහිකරගැනීමට ය.
රටම සැලකිල්ලට ගතයුතු සබරගමුවෙන්ම ලබාදිය හැකි තවත් උදාහරණයක් තිබේ. ඒ දැරණියගල අත කොටා ය. දැරණියගල නූරි වතුයායේ වතු අධිකාරිවරයා කෲර ලෙස වධහිංසාවට ලක්කරමින් ඝාතනය කළේ අතකොටා විසින් නායකත්වය දුන් පිරිසක් විසිනි. ඒ නිසා අද ඔහු සිටින්නේ මරණ දඩුවමට යටත්ව ය. මේ අතකොටා කවුද? සබරගමුවේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා විසින් නායකත්වය දුන් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ දැරණියගල ප‍්‍රාදේශීය සභාව නියෝජනය කළ හිටපු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රිවරයෙකි. නමින් ඔහු අනිල් චම්පික විජේසිංහ ය. එහෙත් රටේ පමණක් නොව කෑගල්ලේ බොහොදෙනෙක් ද ඔහු වඩා හ`දුනන්නේ අතකොටා යන නමින් ය.
ඒ අනුව මේ පළාත් පාලන මැතිවරණය තුළින් මුඑ මහත් රටම නීතිගරුක, යුක්තිගරුක හා දූෂණයට ලක් නොවූ මහජන නියෝජිතයින් අපේක්ෂා කළ ද ඇතැමුන් ට එවැනි අපේක්ෂාවක් තිබේද යන ප‍්‍රශ්නය නිතැතින්ම මතුවන්නේ අපරාධ චෝදනා ලද හා බොහෝ අපරාධවල සෙවණැලි සේ අප දකින අපරාධකරුවන්ගේ සැබෑ රූපකායන් මෙවර ඇතැම් මැතිවරණ වේදිකාවලදී දක්නට ලැබීම හේතුවෙනි.
මෙවන් පරිසරයක් තුළ අද මේ රටේ ඡන්දදායකයාට ඇත්තේ බලවත් වගකීමකි. තමන් තෝරාපත්කරගන්නා නියෝජිතයන්ගේ ගුණවත් බව හා යහපත් භාවය පිළිබදව පමණක් නොව, ඔවුන් පසුපස සිටින දේශපාලන ප‍්‍රවාහයන් හි අරමුණු හා ප‍්‍රතිපත්ති පිළිබ`දව ගැඹුරින් සොයාබලා තීන්දු තීරණ ගතයුතු වීම ඊට හේතුවයි.
-සුනිල් ජයසේකර-