ඡන්ද ගන්න රාත්‍රී 7 න් පසු ගෙවල් ගානේ යෑම, කොඩි රැගෙන යෑම තහනම්!

පළාත් පාලන මැතිවරණයට තරග වදින අපේක්‍ෂකයන්ට ඡන්දය දෙන ලෙස නිවෙස්‌ වෙත යැම රාත්‍රි 7 න් පසුව තහනම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සියලු දේශපාලන පක්‌ෂවල ලේකම්වරුන්ට හා අපේක්‍ෂකයන් වෙත චක්‍රලේඛයක්‌ මගින් දන්වා ඇත.

ඡන්ද අපේක්‍ෂකයා ඇතුළු 10 දෙනකුට පමණක්‌ නිවෙස්‌ කරා ගොස්‌ ඡන්දය ඉල්ලා සිටීමට හැකි අතර සංගීත කණ්‌ඩායම් සහ පක්‌ෂ ධජ රැගෙන ගොස්‌ ඡන්දය ඉල්ලීම තහනම් බව එම චක්‍රලේඛයේ දැක්‌වේ.

චක්‍රලේඛයට පිටින් නීති විරෝධී ලෙස කටයුතු කරන අපේක්‍ෂකයන්ගේ අපේක්‍ෂත්වය අහිමි වීමට ඉඩ ඇතැයිද එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.