මෙවර පළාත් පාලන ආයතන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 12 දෙනෙකු මැතිවරණ නීති කඩ කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
මැතිවරණ උල්ලංඝණය කිරීම සහ මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 114 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මැතිවරණ පැමිණිලි 68කට අදාළව පුද්ගලයින් 38 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපේක්ෂකයින් අට දෙනෙකු ඒ අතර වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 35කට අදාළව පුද්ගලයින් 76 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම පිරිස අතර ද අපේක්ෂකයින් සිව් දෙනෙකු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.