ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභික ධුර 8 ක් සඳහා ඊයේ සහ පෙරේදා (23) දා සහ ඊයේ(24) පැවැති ඡන්ද විමසීමේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් තරග කළ සිව් දෙනාම 80% ක ඡන්ද ප්‍රමාණයක් ලබමින් වෛද්‍ය සභාවට තේරීපත්විය.
මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ දින 2 ක් පුරා පැවැති මෙම ඡන්ද විමසීමේ ප්‍රතිඵල ඊයේ (24 දා) රාත්‍රි 9.00 ට පමණ නිකුත් වූ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඡන්ද 6000 කට ආසන්න ප්‍රමාණයක් ලබමින් සභික ධුරයට තේරී පත්වූ බව එම සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය.
වෛද්‍ය සභාවේ සම්පූර්ණ ඡන්ද 8000 ක් පමණ වන අතර ඉන් සියයට 80 කට වැඩි ප්‍රමාණයක ඡන්ද ලබමින් රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ හිටපු ලේකම්වරු දෙදෙනකු මෙන්ම වර්තමාන සහකාර ලේකම් ධුරය හොබවන වෛද්‍ය නලින්ද හේරත් වෛද්‍ය නලීන්ද සොයිසා සහ වෛද්‍ය හැරිස් පතිරගේ මහතා ද තේරී පත්වූ බව එම ප්‍රකාශකයා කීය.